ඉතාලියේ නාපොලි නගරයට ආසන්නයේ පිහිටි මුහුදේ දිය නෑමට ගිය ලාංකිකයන් දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ශාන්ත ජයවික්රම හා එල්. එම්. සුජිත් නැමති ලාංකිකයන් දෙදෙනෙකි.
සුජිත් නැමති අය තම මිතුරන් පිරිසක් සමග පෙරේදා (07දා) දිනයේදි මුහුදේ දිය නාමින් සිටියදි රළ පහරකට හසුව ගසාගෙන ගොස් ගිලි මියගොස් තිබේ.
ශාන්ත ජයවික්රම නැමත්තා ඊයේ (08දා) දිනයේදි නාපෝලි මුහුදේ දිය නාමින් සිටියදි ගිලී මියගොස් තිබේ.
නයිනමඩම චන්දන ප්රනාන්දු