විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම දින කිහිපයකට තාවකාලිකව නවතා දැමීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ඒ නිරෝධානය මධ්‍යස්ථාවල ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙනි.
මේ අනුව එළැඹෙන 30 දා ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ගුවන් ගමනද නවතා තිබේ.
එසේම මැදපෙරදිග රටවල් කිහිපයකට සංවිධානය කර තිබූ ගුවන් ගමන්ද දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
මේ අතර අද දිනය වන විට ශ්‍රී ලංකාවේ නිරෝධානය මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 32 816ක් නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 7058ක් නිරෝධායනය වෙමින් සිටියි.
අද දිනයේදී නිරෝධායනය නිම කළ පුද්ගලයන් 228ක් නිරොධායන මධ්‍යස්ථාන තුළින් පිටව යෑමට නියමිතව තිබේ.