එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, කටාර් රාජ්‍යයේ සහ එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 421 දෙනෙකු රැගෙන එම රටවල සිට ගුවන් යානා 03 ක් අද (19දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රැගෙන අද අලුයම 1.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
එමෙන්ම කටාර් රාජ්‍යයේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 394 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් අද අලුයම 1.50 ට දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් අතුරින් 210 ක් පමණ විවිධ ගුවන් සේවා වල සේවය කරන ගුවන් යානා කාර්යය මණ්ඩල සාමාජිකයන් බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු රැගෙන ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය අද අලුයම 5.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සියලුම ගුවන් මගීන් , ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කර තිබේ.