හොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 211 දෙනෙකු ඊයේ (26දා) රාත්‍රී සහ අද අලුයම ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ .
රාත්‍රී 9.30 ට හොංකොං සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ ගුවන් යානයකින් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
එසේම අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
අලුයම 2.36 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 157 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.