ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික විද්‍යාඥ පිරිසක් විසින් පළමු වරට අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් ඇති නව ග්‍රහ මණ්ඩලයක් සොයාගෙන තිබේ.
ආතර් සී. ක්ලාක් ආයතනයේ ප්‍රධාන පර්යේෂක විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා 2017 වසරේදී, අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි තාරුකාවලට අයත් ග්‍රහ මණ්ඩල සොයා ගැනීම සඳහා නාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුමේ දත්ත උපයෝගී කරගනිමින් මෙම පර්යේෂණ ආරම්භ කළ අතර, එම පර්යේෂණ සඳහා වර්ෂ 2018දී මහේෂ් හේරත් මහතා නවක විද්‍යාඥයෙකු ලෙස මෙම පර්යේෂණවලට පූර්ණකාලීනව සම්බන්ධ විය.
නාසා ආයතනයේ කේප්ලර් -2 මෙහෙයුම් මගින් තරු 588991 පමණ නිරීක්ෂණය කර ඇති අතර, විශේෂ පරිගණක ඇල්ගොරිතමයක් භාවිතා කර ග්‍රහලෝක ඇතැයි සැලකෙන තරු හඳුනාගනු ලැබේ.
ආතර් සී ක්ලාක් ආයතනයේ විද්‍යාඥයන් විසින් 2018 වර්ෂයේදී පැවැති %කෙප්ලර් 2^ මෙහෙයුමේ 06 වැනි නිරීක්ෂණ සැසියේදී ආලෝක වර්ෂ 1133ක් දුරින් පිහිටි %EPIC 212737443^ නැමැති තරුවේ දීප්තිමිති දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම තරුව වටා භ්‍රමණය වන ග්‍රහලෝක 2ක් ඇති බව සොයාගන්නා ලදී.
අනතුරුව මෙම පාරා ග්රහයින්ගේ සහ අදාළ ජනක තාරකාවේ භෞතික ලක්ෂණ නිරීක්ෂණය කිරීම සඳහා විදේශ රටවල විද්‍යාඥයන් 11 දෙනෙකුගේ දායකත්වයද හිමි විය.
මෙම ග්‍රහලෝක 2 වායුගෝලයක්, ජලය සහිත මතු පිට පෘෂ්ඨයක් සහ පාෂාණ අභ්‍යන්තරයක් ඇති බවට අනුමාන කෙරේ. මෙම ග්‍රහලෝක 2 ආසන්න වශයෙන් ස්කන්ධ සමාන වන බැවින් (පෘතිවියේ ස්කන්ධය මෙන් 9 ගුණයක් පමණ) ඒවායේ ගුරුත්වාකර්ෂණ බලයද එකිනෙකට සමාන වේ.
මෙම ග්‍රහලෝක දෙකෙන් විශාලත්වයෙන් කුඩා ග්‍රහලෝකය %k2-310b^ ලෙස නම්කර ඇති අතර එහි විශ්කම්භය පෘතුවියේ මෙන් 2.6 ගුණයකි. (33165km) මෙම ග්‍රහලෝකය එහි ජනක තරුවට නක්ෂත්ර ඒකකය 0.1 දුරින් පිහිටා ඇති අතර, එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංකශ 263 පමණ වන බැවින් මෙම පළමු ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු නොවේ. මෙහි භ්‍රමණ කාලය දවස් 13.6කි.
මෙහිදී විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා ග්‍රහලෝකය K2-310C ලෙස නම් කර ඇති අතර, එහි විෂ්කම්භය පෘතුවියේ මෙන් 2.7ගුණයකි (34,441 km) මෙම ග්‍රහලෝකය එහි ජනක තරුවට නක්ෂත්ර ඒකක 0.3 පමණ දුරින් පිහිටා ඇති අතර, එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 පමණ වේ. මෙම ග්‍රහලෝකයේ ජලය පැවතීමේ වැඩි හැකියාවක් ඇති බව මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. මෙම ග්රහලෝකයෙහි භ්‍රමණ කාලය දවස් 65කි.
අපගේ සූර්යයාට වඩා උෂ්ණත්වයෙන් අඩු (4684K) තැඹිලි පැහැයෙන් යුක්ත තරුවක් වටා මෙම ග්‍රහලෝක දෙක භ්‍රමණය වන අතර, ඔවුන්ගේ භ්‍රමණ සහ පරිභ්‍රමන වේග සමාන වීමේ හැකියාවක් තිබේ. එබැවින් ග්‍රහලෝකයේ එක් පැත්තක් හැමවිටම තරුව දෙසට යොමුවන අතර, අනෙක් පැත්ත අඳුරේ පවතී.
VIDEO