ලෝක සංචාරක දින සැමරුම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ඉරිදා (27) මහනුවර දී පැවැත්වේ.
සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය හා මධ්‍යම පළාත් සභාව එක්ව එය සංවිධානය කරනු ලබයි.
"සංචාරක කර්මාන්තය හා ග්‍රාමීය සංවර්ධනය" මෙවර සංචාරක දින තේමාවයි. එමගින් ජනතාව කේන්ද්‍රකර ගත් තාක්ෂණය මත පදනම් වු තිරසාර සංචාරක ක්ෂේත්රයක් බිහිකර දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් ලගා කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.
නුවර සිටි සෙන්ටර් හිදී පැවැත්වෙන මෙම සංචාරක දින ජාතික උළෙලට සමගාමීව තිරසාර සංචාරක සංවර්ධනය සදහා ඉදිරි මාවතක් මැයෙන් සංචාරක නායකයන්ගේ සමුළුවක් ද පැවැත්වේ. ඊට අමතරව ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව ද පැවැත්වෙන අතර සංචාරක සංවර්ධනය සදහා අර්බුද කළමණාකරණය හා ඊට මුහුණ දීමේ හැකියාව මැයෙන් එම පර්යේෂණ සමුළුව පැවැත්වෙනු ඇත.
මෙවර සංචාරක දින සැමරුමේ දී කොවිඩ් 19 වසංගතය බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යථාතත්ත්වයට පත් කර ගැනීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරේ.
2020-2022 මෙරට සංචාරක උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව ප්‍රජාපාදක සංචාරක නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා උපායමාර්ගික අලෙවි කිරීම වැනි පියවර සම්බන්ධයෙන් ද මෙහීදී පුළුල් ලෙස අවධානය යොමු කෙරෙනු ඇත.
මෙම අවස්ථාවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඩි.වි. චානක ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිතයි.