දුගී රටවලට කොවිඩ්-19 එන්නත් වේගයෙන් ගලායෑම අරමුණු කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය නිෂ්පාදකයන්ගෙන් කොවිඩ්-19 එන්නත් කිහිපයක් ඉදිරි සති හා මාසවලදී අනුමත කිරීමට සැලසුම් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම-නායකත්වයෙන් යුත් ගෝලීය COVAX වැඩසටහන යටතේ මේ වසරේදී ලොව පුරා අවම වශයෙන් බිලියන 2ක කොවිඩ්-19 මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය වන අතර, අවම වශයෙන් බිලියන 1.3ක් දුගී රටවලට සැපයෙනු ඇත.
එහෙත් අරමුදල් හිඟයක් හේතුවෙන් ප්‍රමාණවත් තරම් එන්නත් ලබාගැනීමට එය මෙතෙක් අරගලයක යෙදී සිටින අතර, ධනවත් රටවල් තමන් වෙනුවෙන් විශාල එන්නත් ප්‍රමාණයක් වෙන්කර ගැනීමද ඊට හේතුවයි.
එන්නත් ලබාදීමේ තරගයේදී, එන්නත්වල ඵලදායීතාව සහ ආරක්ෂාව තහවුරු කිරීමට සහ ප්‍රතිදාන ඉහළ නැංවීමට නියාමන අනුමත කිරීම් ප්‍රධාන වේ. නමුත් ඇතැම් දුප්පත් රටවල් සීමිත නියාමන ධාරිතාවක් ඇති බැවින් වැඩි වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමන අවසරය මත රැඳී සිටියි.
මේ තත්ත්වය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන්නේ නම්, එය සෘජුවම එන්නත් ලබා ගත හැකි දුප්පත් රටවල එන්නත් ව්‍යාප්තියට පහසුකම් සපයයි.
චීන එන්නත් නිපදවන්නන් දෙදෙනෙකු වන සීනොෆාම් සහ සිනොවැක් ලෝක සෞඛ්‍ය සංවිධානයට සිය අයදුම්පත් මේ වනවිට ඉදිරිපත් කර තිබේ. ඒජන්සිය දැන් ඒවා සමාලෝචනය කරමින් සිටින අතර, මාර්තු මාසයේදී තීරණයක් ලැබෙනු ඇති බව ඔවුන් විශ්වාස කරයි.
සිනොෆාම් එන්නත චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය විසින් සාමාන්‍ය භාවිතය සඳහා අනුමත කර ඇති අතර පාකිස්තානය, සර්බියාව සහ ඊජිප්තුව යන රටවල හදිසි භාවිතය සඳහා අවසර ලබා දී ඇත.
සිනොවැක් හි කොරෝනාවැක් එන්නත එහි තුන්වැනි අදියර අත්හදා බැලීම්වල ගෝලීය ප්‍රතිඵල තවමත් නිකුත් කර නොමැති නමුත් බ්‍රසීලය, ඉන්දුනීසියාව, තුර්කිය සහ චිලිය ඇතුළු රටවල හදිසි භාවිතය සඳහා එම එන්නත අනුමත කර ඇත.
මීට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ෆයිසර් සහ එහි ජර්මානු හවුල්කරු බයෝඑන්ටෙක් විසින් නිපදවන ලද ෆයිසර් එන්නත දෙසැම්බර් මස අගදී අනුමත කර ඇති අතර, මේ වනවිටත් ධනවත් රටවල් කිහිපයක් එන්නත් මිලියන ගණනක මාත්‍රා ලබාගෙන ඇත.
තාවකාලික අනුමත දින දර්ශනයේ දැක්වෙන්නේ පෙබරවාරි මස අවසානයේදී මොඩර්නා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනු ඇති බවය. කෙසේ වෙතත් මේ වනවිටත් එක්සත් ජනපදය සහ සමහර යුරෝපීය රටවල් ඇතුළුව බොහෝ බටහිර රටවල හදිසි භාවිතය සඳහා ෆයිසර් සහ මෝඩර්නා එන්නත් ලබා දී ඇත.
එක්සත් ජනපදයේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත, නිශ්චිත කාල රාමුවක් තුළ එන්නත් මාත්‍රා මිලියන 500ක් COVAX වැඩසටහනට සැපයීමට නොබැඳි ගිවිසුමක් ඇති කරගෙන තිබේ. කෙසේ වෙතත්, මැයි හෝ ජුනි මාසවලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.
ඇස්ට්‍රාසෙනෙකා විසින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමග සංවර්ධනය කරන ලද සහ ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන කොවිෂීල්ඩ් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනවාරි හෝ පෙබරවාරි මාසවලදී අනුමත කරනු ඇති බව කියැවෙයි දකුණු කොරියාවේ එස්.කේ. ජෛව විද්‍යා ආයතනය විසින් නිපදවන ලද මෙම එන්නතම, පෙබරවාරි දෙවැනි භාගයේදී එක්සත් ජාතීන්ගේ ඒජන්සිය විසින් අනුමත කළ හැකි බව වැඩිදුරටත් සඳහන් වෙයි.