කොවිඩ්-19 වෛරසය හමුවේ බිලියන 1.3ක ජනගහනයක් වෙසෙන ඉන්දියාව වසා දැමීමට ගත් තීරණයත් සමග අවම වශයෙන් බිලියන 7.8ක් වන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්වත් දැන් ජීවත් වන්නේ චලනය හා සමාජ සම්බන්ධතා සඳහා දැඩි සීමාවන් යටතේ හෙවත් වසා දමා ඇති (Lockdown) තත්ත්වයකය.
රුවන්ඩාවේ සිට කැලිෆෝනියාව දක්වාත්, නිව්යෝක් සිට නවසීලන්තය දක්වාත්, නව කොරෝනා වෛරසය අප පෘථිවියේ විශාල කොටස් මේ වනවිට වසා දමා ඇත.
එමෙන්ම එක්සත් ජනපද ජනගහනයෙන් අඩක් පමණ මේ වනවිටත් නිවාස තුළ රැඳී සිටිය යුතු බවට වූ නියෝග මත ජීවත් වන අතර, එරට තවත් ප්‍රාන්තවල මෙවැනි පියවර අපේක්ෂා කෙරේ. බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දකුණු අප්‍රිකානුවන්ට දින 21ක කාලයක් නිවසේ රැඳී සිටීමට සිදුවනු ඇත.
පසුගිය සති කිහිපය තුළ, නව කොරෝනා වසංගතය ලෝකය වෙනස් කර ඇති බව ඔබට මේ වනවිටත් පැහැදිලි බවට සැක නැත. මෙය කියවන බොහෝ දෙනෙකුද නිවසේ සිටම එසේ කරනු ඇති බවද පැහැදිලිය. මන්දයත් ඔබටද නිවෙස් තුළම රැඳී සිටින ලෙස පවසා ඇති නිසාය. මෙය අප සැමට බලපා ඇති ආකාරය පිළිබඳ පැහැදිලිම නිදර්ශනය එයම විය හැකිය.