ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වන ගුවන්යානා වලින් අය කෙරෙන ගාස්තු ලබන මාසයේ සිට වැඩි කරන බව ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඒ අනුව මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙනම ගාස්තු අය කිරීමට නියමිතය.
දිනකට ශ්‍රී ලංකා ගුවන් සීමාවේ ගුවන් ගමන් 300 ක් පමණ සිදුවුවත් වසර ගණනාවක් තිස්සේ මෙම ගාස්තු සංශෝධනය කර නොමැත.
නව ගාස්තු අය කිරීම ඉන්දියාවේ අය කරනු ලබන ගාස්තුවලට බොහෝ දුරට සමාන වන බවත් ඒ හරහා අමාත්‍යාංශයට අමතර ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.