ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු කොරියාව, බංග්ලාදේශය, ලාඕසයෙන් චීනයට ආනයනය කරන සෝයා බෝංචි සඳහා අයකළ බදු ඉවත් කිරීමට චීනය කටයුතු කර තිබේ.
චීන මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ජුලි 1 වැනිදා සිට බලපැවැත්වෙනු ඇති බවයි. මෙම රටවල්වලින් චීනයට ආනයනය කළ සෝයා බෝංචි වෙනුවෙන් සියයට 3%ක බද්දක් අය කළ අතර එය බින්දුවක් බවට පත්කිරීමට චීනය කටයුතු කර ඇත.
