ලංකාවේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශයන්හි සිදුවන බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඒ අනුව දෙවැනි ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයටත්, තුන්වැනි ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයටත් හිමිවන බව හෙතෙම පවසා සිටියේය.
රට තුළ මත්ද්රව්යලොලීන් 50,000කට අධික පිරිසක් සිටින බවට වාර්තා වන බවත්, ඔවුන් විසින් වර්ෂයකට මත්ද්‍රව්‍ය කිලෝ දහසකට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කරන බවද ඔහු පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම නවතා දැමීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත්, අලුතින් රට තුළට පැමිණෙන මත්ද්‍රව්‍ය පිළිබඳව පොලීසියට අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කර නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
