ලංකාවේ ප්රහාර නවසීලන්ත ප්රහාර සඳහා පළිගැනීමක් බවට තොරතුරු නෑ
ක්රයිස්චර්ච්හි මුස්ලිම් පල්ලිවලට එල්ල කළ ප්රහාරයට පළිගැනීමක් ලෙස ශ්රී ලංකාවේ කතෝලික පල්ලිවලට ප්රහාරයක් එල්ල වී ඇති බවට නවසීලන්තය තවමත් බුද්ධි තොරතුරු වලින් අණාවරණය කරගෙන නොමැති බව නවසීලන්ත අග්රමාත්ය ජැසින්ඩා ආඩෙර්න් මහත්මිය සඳහන් කරයි.
මේ පිළිබඳව නිවේසනයක් නිකුත් කරන නවසීලන්ත අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරන්නේ ශ්රී ලංකාවට එල්ල වූ ප්රහාර ගැන සිදුවන පරීක්ෂණ මේ වන විට පවතින්නේ මූලික අවස්ථාවේ බවත් නවසීලන්ත ප්රහාරයට පළිගැනිමක් ලෙස ශ්රී ලංකවට ප්රහාරයක් එල්ල වී ඇති බවට තවමත් බුද්ධි අංශ කිසිම තොරතුරක් තහවුරු කරගෙන නොමැති බවත්ය.

popular news
-
Deepal Nirosh Wednesday, 24 April 2019 02:01 PM
මෙතුමිය කියන්නේ සත්යයි. මෙම ප්රහාරය දැනට වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ සෙලසුම් කල එකක්. ඉතින් කොහොමද ඊයේ පෙරේද වෙච්චි නවසීලන්ත ප්රහාරයට ප්රති ක්රියාවක් වුනේ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

