ලංකාවේ පවුල් ඒකක වලින් සියයට 42ක් ආහාර පිසින්නේ ගෑස් වලින්
මෙරට නිවාස ඒකකවල පදිංචි මුළු පවුල් හැටඑක්ලක්ෂ,එකොළොස්දහස්,තුන්සියපහළොවක් (6,111,315) අතුරින් එනම් සියයට 42.4ක් ආහාර පිසිම සදහා ප්‍රධාන බලශක්ති ප්රභවය ලෙස ගෑස් භාවිතා කරණු ලබන අතර ගෑස් මිල විශාල වශයෙන් වැඩිවිම නිසා මෙකි පවුල් ඒකකවල පදිංචිකරුවන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාවට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මුළු පවුල් ඒකක 661,822 අතුරින් සියයට 85.5ක් අහාර පිසිම සදහා ගෑස් භාවිතා කරණු ලබන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාවෙන් සියයට 66.9ක් ආහාර පීසිම සදහා ගෑස් භාවිතා කරති.කළුතර දිස්ත්‍රික්කයේ එය මුළු පවුල් සංඛ්‍යාවෙන් සියයට 55.9කි.
ආහාර පිසිම සදහා අඩුම ගෑස් භාවිතා කිරිම අඩුවෙන්ම සිදුවන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර මුළු පවුල් ඒකක අතුරින් එම සංඛ්‍යාව සියයට 15.3කි. කෙසේවුවද මෙරට නිවාසල වල පදිංචි පවුල් ඒකක අතුරින් සියයට 55.3ක් ආහාර පීසිම සදහා ප්‍රධාන බලශක්ති ප්රභවය ලෙස දර භාවිතා කරණු ලබන බවද සංගණන වාර්තාවේ සදහන් වේ.
ආහාර පිසිම සදහා දර භාවිතා කරණු ලබන දිස්ත්‍රික්ක අතුරින් ඉහළම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ සියයට 83.6කි බදුල්ල දිස්ත්‍රික්කයේ එය සියයට 80.6කි.
කෙසේවුවද ගෑස් මිල වැඩිවිමත් සමග පාරිභෝගික ජනතාව දැටි අසරණ තත්ත්වයට පත්ව ඇති අතර ආප්ප ඇතුළු බේකරි කෑම වර්ග ද ඉහළයා හැකි බව බේකරි හිමියන් පෙන්වාදෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
