ලංකාවේ තවත් රණවිරුවන් දෙදෙනෙකුට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම්
ශ්රී ලංකාවේ රණවිරුවන් දෙදෙනෙකුට ඇමෙරිකාවට ඇතුළුවිම තහනම් කරමින් ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කර තිබේ.
මානව හිමිකම් කඩි කිරීම සම්බන්ධයෙන් මෙසේ ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ නාවික හමුදා බුද්ධි නිලධාරී චන්දන හෙට්ටිආරච්චි මහතාට හා හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක් වන සුනිල් රත්නායක මහතාටයි.
ත්රිකුණාමලයේදී 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් චන්දන හෙට්ටිආරච්චි මහතාටත්, දමිල ජාතිකයටන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සුනිල් රත්නායක මහතාටත් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ඔවුන් දෙදෙනාට මෙසේ ඇමෙරිකාවට ඇතුවවීම තහනම් කර තිබේ.
මෙම දෙදෙනාට පෞද්ගලිකවත්, සාමුහිකවත් ඇමෙරිකාවට ඇතුළුවීමට අවස්ථාවක් හිමි නොවන බව ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මිට අමතරව රටවල් කිහිපයක පුද්ගලයන් කිහිප දෙනෙකුට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් නියෝග නිකුත් කර තිබේ්
popular news
-
Demuni Uduwara Saturday, 11 December 2021 06:24 PM
They should not be named as "Rana Viruwo" !
Reply : 0 1
Demuni Uduwara Saturday, 11 December 2021 11:28 PM
Don't name these two criminals "Rana Viru" !
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

