ශ්‍රී ලංකාව දෙවැනි වසරටත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන, පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ (TIP) ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථරයේ රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව 2013 වසරේ සිට 2016 වසර දක්වා අඛණ්ඩව සිවු වසරක් දෙවැනි ස්ථරය සඳහා වන නිරීක්ෂණ ලැයිස්තුවේ රැඳී සිටි අතර, පුද්ගල ජාවාරමට එරෙහිව රජයේ අදාළ නියෝජිතායතන විසින් ගන්නා ලද ක්‍රියාකාරී පියවර සැලකිල්ලට ගනිමින් 2017 වසරේදී දෙවැනි ස්ථරයට උසස් කරනු ලැබිණි.
පූර්ව වාර්තා කාලාවධිය හා සැසඳීමේදී ශ්‍රී ලංකා රජය මෙම වසරේදී පුද්ගල ජාවාරම් මැඬීම සඳහා ක්‍රමිකව වැඩිවන පරිශ්‍රමයක් දරා ඇති බව පෙන්නුම් කෙරෙන බැවින් දෙවැනි ස්ථරයේම රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවූ බව 2018 වර්ෂයේ පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාව ප්‍රකාශ කරයි.
