ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලෝක ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 06 වැනිදා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් පවත්වන බැව් ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමය මගින් ඊයේ (3) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගරු සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඉන්දිකපරණවිතාන මහතා ,
අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ ප්‍රධානතම කාරණා කීපයක් දැනුම් දීම සඳහා. අපි දන්නවා ගුරුවරුන්ගේ ප්‍රධානතම ගැටලුව වැටුප් ගැටලුව බී සී පෙරේරා වාර්තාවෙන් පස්සේ 1994 ඉඳලා අවුරුදු විසිතුනක් පැවතුන වැටුප් ගැටලුවට පැවති රජයන් කිහිපයකින්ම විසඳුම් ඉල්ලුවත් විසඳම් ලැබුනේ නෑහැ. මේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම විපක්ෂයේ ඉන්න කාලේ පොරොන්දුවක් දුන්නා ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව පළමු අයවැයෙන්ම විසඳනවයි කියලා.
එතකොට පළමු අයවැය මේ මාසේ 17 වැනිදාට ඉදිරිපත් කරනවා කියලා දැනුම් දීලා තියෙනවා. අපි මීට මාසයකට කලින් විතර ඉඳලා අධ්‍යාපන ඇමතිතුමාට අධ්‍යාපන ලේකම්තුමාට අපි ලිඛිතව ඉල්ලීම් කලා මේ ගැටලුව විසඳීමට ප්‍රවේශයක් ගන්න කියලා. අපි කිවා 30 වැනිදාට කලින් මේකට විසඳුමක් දෙන්න සාකච්ඡාවක් දෙන්න කියලා. සාකච්ඡාවක්වත් විසඳුමක්වත් ඒ ලිපියකට පිළිතුරක් වත් අපිට ලැබුනේ නෑ.
ඒ නිසා අපි අනෙකුත් සහෝදර ගුරු සංගම් සමගත් සාකච්ඡා කලා මේ සම්බන්ධයෙන් මොනවද කරන්න පුළුවන් මැදිහත්වීම් කියලා .
ඒ නිසා අපි එක් එක් වෘත්තිය සමිති වශයෙන් එක් එක් ප්රවේශයන්ගෙන් වෘතීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වෙලා අවසානයේ පොදු එකඟතාවයකින් මේ ගැටලුව විසඳෙන්නේ නැත්නම් අපි ඒකාබද්ධ වෘතීය ක්‍රියාමාර්ගයකට යන්න අපි සියලු සංගම් සාකච්ඡා කරමින් යනවා. මේ වන විට මේ අයවැයට පෙර මේ වැටුප් ගැටලුව විසඳන්න කැබිනට් අනුමැතියක් ගන්න යෝජනාවක් සම්මත කරන්න ගැසට් එකක් ප්‍රකාශයට පත් කරන්න අයවැයට මේක ඇතුලත් කරන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා කියන බලාපොරොත්තුවෙන් එලැඹෙන ගුරු දිනය දවසේ ඔක්තොම්බර් 6 වැනිදා ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අපි රජයේ ගරුවරුන්ගේ සංගමයේ සියලු ගුරුවරුන් ගුරු සංගම් නියෝජ්යන කරමින් සත්‍යග්‍රහයක් පවත්වනවා උදේ 8.00 ට.
