හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වනදා පැවැත්විමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 41.1 ක වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට රෝහිත අබේගුණවර්ධන මහතාට චෝදනා එල්ලව තිබේ.
මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.
එහිදී නඩුවේ සාක්ෂි ලෙස නම් කර ඇති බැංකු වාර්තා වලට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.
අනතුරුව වැඩිදුර විභාගය ලබන 28 වනදා තෙක් කල් තැබුණි.
