රෝහල් 150ක ඉන්නේ එක් වෛද්‍යවරයයි
වෛද්‍ය ස්ථාන මාරුවීම් නිවැරදි ලෙස සිදු නොකිරීම නිසා රටේ රෝහල් දහසක ප්‍රමාණයෙන් රෝහල් 150 කට සිටින්නේ එක් වෛද්‍යවරයෙකු වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා පර්යන්ත රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා අර්බුදයකට ලක්ව තිබෙන බවත් මේ වසරට අදාළ ස්ථානමාරු ලැයිස්තුව පසුගිය දෙසැම්බර් මාසයේදී එළිදැක්විය යුතු වුවත් එය පසුගිය මාසයේදී එළිදැක්ව වූ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
මෙම ගැටලු ඇතුළුව තවත් ගැටලු 10ක් මුල්කර ගනිමින් අගොස්තු 03 වැනිදා දින සමස්ත රෝහල් පද්ධතියම ආවරණය වන පරිදි වෛද්‍ය වර්ජනයක් සිදු කරන බවද අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කර සිටියේය.

popular news
-
Champa Monday, 23 July 2018 07:40 PM
Wow! ඒ වුනාට Indian Ambulance වැහි වැහැල. Helicopters පවා දාල තියෙනවා දැන් ලෙඩ්ඩුන්ව උඩිනුත් ගෙනියන්න දොස්තරලා නැති ඉස්පිරිතාල වලට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

