රෝයි සිල්වාත් සමුගනියි
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක් මෙනම් පසුබිම් චිත්‍රපට ගායකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ චිත්‍රපට සේවාවට විශිෂ්ඨ මෙහෙයක් කළ රොයි සිල්වා අභාවප්‍රාපත් වී තිබේ. ඊයේ (30දා) ඔහු අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසුවූයේය.
1964 වසරේ තිරගත වූ සුජාගේ රහස චිත්‍රපටයෙන් ඔහු රංගන ජීවිතයට පිවිසි අතර චිත්‍රපට 60කට අාසන්න සංඛ්‍යාවකට නළුවෙක් ලෙස සිය දායකත්වය ලබාදුන්නේය. එසේම 1977 දී ටොම් පචයා චිත්‍රපට අධ්‍යක්ෂයෙන් අධ්‍යක්ෂක ක්ෂේත්රයට පිවිසි ඒ මහතා ගෙදර බුදුන් අම්මා, චෙරියෝ ඩෝක්ටර්, ඔක්කොම කණපිට, චෙරියෝ කැප්ටන්, රෑ දනියෙල් දවල් මිගෙල් ආදි චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළේය.
-
Champa Sunday, 01 July 2018 08:26 AM
Oh I am very saddened at the passing away of Roy Silva, a legendary multi-talented actor. May his soul rest in peace! I can't believe he was 80.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

