රේගු ක්රියාමාර්ග අවසන් නොවෙයි
රේගු අධ්යක්ෂක ජෙනරාල් ධුරයට අතිරේක ලේකම්වරයෙකු පත්කළ බවට විවිධ ප්රකාශ සිදුවුවත් එය නිල වශයෙන් තම සංගම්වලට දැනුම්දී නොමැති බව රේගු නිලධාරීන්ගේ සංගංමය සඳහන් කරයි.
මේ නිසා ඊයේ (30දා) සවස ආරම්භ වූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවද එම සංගමයේ සමලේකම් තුසිත අධිකාරම් මහතා සඳහන් කළේය.
රේගු අධ්යක්ෂක ජනරාල් ධුරයට විශ්රාමික හමුදා නිලධාරියෙකු පත්කිරීමට එරෙහිව මෙම වෘත්තිය ක්රියාමාර්ග ආරම්භ වූ අතර, ඒ සඳහා රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ හා රේගු අධිකාරීවරුන්ගේ සංගම්ද සහයෝගය දක්වති.
මේ අනුව අද (31දා) සවස 4.45 සිට හෙට (01දා) උදෑසන 9.00 දක්වා අතිකාල සේවයෙන් ඉවත් වූ බවද තුසිත අධිකාරම් මහතා සඳහන් කළේය.

popular news
-
sathyapala Friday, 01 February 2019 08:14 AM
අකුරට හැමෝම වැඩ කරනවා නම් මේරට සංවර්ධනය වෙලා ගොඩක් කල් බාගේට තමයි හැමෝම වැඩ කරන්නේ.දැන් ඒකත් නොකර ඉන්න එක තමයි වෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

