රුහුණු කුමාරියට බිළි වු ජිවිත
මාතර , පඹුරන ප්‍රදේ ශයේ කාර් රථයක් දුමිරියේ ගැටිමෙන් අද (13) උදෑසන පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මාතර පොලීසිය පවසයි .
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර , වෙලේගො ඩ ප්‍රදේශයේ පදිංචි ධමිමික කුමාරප්පෙරුම (54) නම් තිදරු පියෙකි .
මියගිය පුද්ගලයා තවත් දෙදෙනෙක් සමග තම කාර් රථයෙන් උදැසන 6ට පමණ නිවසින් පැමිණ ඇති අතර පඹුරන දුම්රිය හරස් මාර්ගයෙදි අනාරක්ෂිත ලෙස ගමන් කිරිම නිසා මාතර සිට මරදාන දක්වා ධාවනය වෙන රුහුණු කුමාරි දුම්රියේ ගැටි තිබේ .
පසුව බරපතළ තුවාල ලැබු තිදෙනාම මාතර මහා රෝහල වෙත රැගෙන ගොස් තිබු අතර එහිදි රිය පැදවු ධමිමික කුමාරප්පෙරුම යන අය ජිවිතක්ෂයට පත්ව තිබේ .
අනෙක් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය . මාතර පොලීසිය ඉදිරි පරික්ෂණ මෙහෙයවනු ලබයි .

popular news
-
gallage R Sampath Wednesday, 13 March 2019 04:37 PM
මෙම තොරතුරු අසත්‍යයි. වාහනයේ සිටි අනෙක් දෙදෙනා වැඩිහිටියෙක් හා ගැහැණු ළමයෙකි. ඔව්න්ට සුළු තුවාල පමණක් ඇති බව අප දුටිමි. මමද මෙම අවස්ථාවේ දුම්රියේ සිටි මගියෙකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

