රුහුණු කතරගම වාර්ෂික පෙරහැරේ ආරාධනා පත්‍රය අගමැතිට පිළිගන්වයි
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසැළ පෙරහැර මංගල්‍යය සඳහා වන සම්ප්‍රදායික අරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙයි.
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය උත්සවය ජූලි මස 21 වන දින සිට අගෝස්තු මස 04 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ඊට අදාළ සම්ප්‍රදායික ආරධනා පත්‍රය රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දිල්රුවන් රාජපක්ෂ මහතා විසින් අද (17) පෙරවරුවේ විජේරාම නිලනිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
ජූලි මස 21 වැනි දින ආරම්භ කරන රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර අගෝස්තු 03 වන දින මහා පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු 04 වැනි දින අලුයම දියකපන මංගල්‍යය පැවැත්වීමෙන් අවසන් කිරීමට නියමිතය.
මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල අනුගමනය කරමින් සම්ප්‍රදායික චාරිත්රවාරිත්ර හා පිළිවෙත් රකිමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති අතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් බැතිමතුන් සඳහා පෙරහැර නැරඹීමේ අවස්ථාව ලබා දී නොමැති බව පෙරහැර සංවිධායක කමිටුව පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

