ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය මගින් රුපියල් මිලියන 792ක් (බදු ඇතුළත්ව) වටිනා නති විරෝධී දුම්වැටි
සහිත බහාලුමක් ඊයේ (05දා) තොටළඟ ග්‍රේලයින් 2 රේගු අංගනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට ගෙන්වා ඇති මෙම බහාලුම කඩදාසි, පොටෝකොපි කඩදාසි ගෙන්වන බවට රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම දුම්වැටි සහිත බහාලුම ගෙන්වා ඇති බව අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ( බලාත්මක ) දක්කුල ආරියවත්ත මහතා පැවසීය.
මෙම බහාලුම තුළ තිබී දුම්වැටි මිලියන 4.5කට අධික ප්‍රමාණයක් තිබූ බවද ඒ මහතා කියා සිටියේය.
කඳාන ප්‍රදේශයේ සමාගමක් වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම බහාලුම ගෙන්වා තිබූ බවත් ඒ පිළිබඳව ඇතිවූ සැකය මත මෙම බහාලුම පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ( I J)
