රියදුරු බලපත්‍ර ලබාදීමට පවත්වන ලිඛිත විභාගය හෙට (12දා) සිට පරිගණක පද්ධතියක් හරහා සිදුකිරීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩපිළිවෙළ වේරහැර රියදුරු බලපත්‍ර නිකුත් කරන ඒකකය තුළ මුලින්ම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඒ සඳහා පරිගණක යන්ත්‍ර 143ක් සවිකර තිබේ.
පරිගණක තිරය මත දිස්වන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම නව තාක්ෂණයට අනුව සිදුවන අතර, ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා අවසන් වන විට ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේදීම පරිගණක තිරය මත දිස්වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හරහා බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් වන බවත්, විභාගය අසමත් නම් ඒ මොහොතේදීම දැනගැනීමට ලැබෙන බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම ක්‍රමය ඉදිරියේදී ලංකාවේ අනෙකුත් ප්‍ර
දේශවලට ව්‍යාප්ත කරන බවද එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය සඳහන් කරයි.