රියදුරු බලපතට ලකුණු ක්‍රමය ලබන වසරේ සිට ක්‍රියාත්මකයි
රියදුරු බලපත්‍ර සඳහා යම් ලකුණු ප්‍රමාණයක් අන්තර්ගත කර රියදුරු විසින් සිදුකරනු ලබන වැරදිවලට අනුව අදාළ ලකුණු ක්‍රමයෙන් අඩු වී යන ක්‍රමවේදයක් එළඹෙන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
මෙම ලකුණු ලබාදීමේ ක්‍රමවේදය, එළඹෙන වසරේ සිට හඳුන්වාදීමට නියමිත වාණිජ සහ සාමාන්‍ය ලෙස කොටස් 02කින් යුත් රියදුරු බලපත්‍ර ක්‍රමයට අන්තර්ගත කිරීමට නියමිතය.
ඒ අනුව රියදුරු බලපත්‍රයට ලබාදෙනු ලබන ලකුණු ප්‍රමාණය %බින්දුව^ දක්වා අඩු වූ පසු එම රියදුරු බලපත්‍රය අහෝසි වී යන අතර, එවිට අදාළ පුද්ගලයාට නැවත රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා %අද^ට ප්‍රකාශ කර සිටියේය.
ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත රියදුරු බලපත්‍ර වර්ග 02 අතුරින් මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වාණිජ රියදුරු බලපත්‍රය හඳුන්වා දීමට අපේක්ෂා කෙරෙන අතර, තමාට හෝ පවුලේ අය සමග ගමන් කිරීම සඳහා සාමාන්‍ය බලපත්‍රය නිකුත් කිරීමට අපේක්ෂිතය.
මෙහිදී මෙම වාණිජ බලපත්‍රය 100%ක් සෞඛ්‍ය සම්පන්න නිසි වයස සපිරූ ඕනෑම පුද්ගයෙකුට ලබාගැනීමේ හැකියාව ඇති අතර, සාමාන්‍ය බලපත්‍රය ලබාගැනීම සඳහා එසේ අවශ්‍ය නොවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

