බදුල්ල වින්සන්ට් ඩයස් ක්රීඩාංගණය ඉදරියේ අද (25දා) සවස මෝටර් රථයක් සහ ත්රිරෝද රථයක් ගැටීමෙන් ත්රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන එම අවස්ථාවේ මාර්යේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම නිලධාරීන් දෙදෙනා රෝහල්ගත කොට තිබේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ක්රීඩා උළෙලක් සඳහා රාජකාරියේ යොදවා සිටි බදුල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියක සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
අනතුරෙන් තුවාල ලැබු ඔවුන් දෙදෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර විමර්ශන බදුල්ල පොලීසිය සිදුකරයි.

බදුල්ලේ - පාලිත ආරියවංශ