දවයිනේ ප්‍ර දේශ කිහිපයක පොලීසියට වාර්තා වි ඇති රිය අනතුරු අටකින් පුද්ගලයන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලොරි රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට - කුලියාපිටිය පොලිස් වසම.
2026.11.25 දින උදෑසන කුලියාපිටිය පොලිස් වසමේ කුලියාපිටිය නාරම්මල මාර්ගයේ පූගල්ල හන්දිය අසලදී කුලියාපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී ලොරි රථය ඉදිරියට ඇදීගොස් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයකද මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකාරිය, යතුරුපැදියේ ගමන් කල කුඩා පිරිමි දරුවෙකු, ත්‍රීරෝද රථයේ රියැදුරු හා ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කල කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කල එක් කාන්තාවක් මියගොස් ඇත.මරණකාරිය අවුරුදු 73 ක් වූ වැවගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බස් රථයක යතුරුපැදියක් ගැටී යතුරුපැදිකාරිය ජීවිතක්ෂයට - රුවන්වැල්ල පොලිස් වසම.
2026.11.25 දින උදෑසන රුවන්වැල්ල පොලිස් වසමේ අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ මත්තමගොඩ ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොටියාකුඹුර දෙසට ධාවනය වූ බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් යතුරුපැදිකාරිය තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.මරණකාරිය අවුරුදු 47 ක් වූ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රුවන්වැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බස් රථයක ගැටී පදික කාන්තාවක් ජීවිතක්ෂයට - කුරුඳුවත්ත පොලිස් වසම.
2026.11.25 දින උදෑසන කුරුඳුවත්ත පොලිස් වසමේ ජේ.ඕ.සී. හන්දිය අසල පදිකමාරුවේදී තර්ස්ටන් මාවත දෙස සිට ග්ලාස්හවුස් හන්දිය දෙසට ධාවනය වූ බස් රථයක් පදික මාරුව මතින් ගමන් කල පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් ඇත.මරණකාරිය අවුරුදු 66 ක් වූ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කාර් රථයක් යතුරුපැදියක ගැටී යතුරුපැදියේ පසුපැදිකාරිය ජීවිතක්ෂයට - තලංගම පොලිස් වසම.
2026.11.25 දින උදෑසන තලංගම පොලිස් වසමේ අල් කටාස් පරිශ්‍රයේ පිටවීමේ දොරටුව අසලදී කියැංහෑම් මංසන්ධිය දෙස සිට ජයන්තිපුර හන්දිය දෙසට ධාවනය වූ කාර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරුව යතුරුපැදිය එම දිසාවටම ධාවනය වූ තවත් කාර් රථයකද ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකාරිය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර පසුපැදිකාරිය තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.මරණකාරිය අවුරුදු 26 ක් වූ කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධියට සම්බන්ධ කාර් රථ දෙකෙහි රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ප්‍රයිමුවර් රථයක ගැටී පාපැදිකාරියක් ජීවිතක්ෂයට - මහබාගේ පොලිස් වසම.
2026.11.25 දින උදෑසන මහබාගේ පොලිස් වසමේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ගල්උඩුපිටිය හන්දිය අසලදී මීගමුව දෙසට ධාවනය වූ ප්‍රයිමුවර් රථයක් වමට හැරවීමට යාමේදී එම දෙසටම ගමන්කල පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් තුවාල ලැබූ පාපැදිකාරිය ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකාරිය අවුරුදු 47 ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධියට සම්බන්ධ ප්‍රයිමුවර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහබාගේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ලොරි රථයක යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට - ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම.
2026.11.25 දින සවස ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ආතර් ද සිල්වා මාවත ප්‍රදේශයේදී ආතර් ද සිල්වා මාවත මැද පාර ඔස්සේ බ්ලූමැන්ඩල් දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත. මරණකරු අවුරුදු 80 ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කැබ් රථයකින් වැටී දැරියක් ජීවිතක්ෂයට - නොර්වුඩ් පොලිස් වසම.
2026.11.25 දින සවස නොර්වුඩ් පොලිස් වසමේ වෙන්චර් උඩ කොටස ප්‍රදේශයේදී නොර්වුඩ් දෙස සිට වෙන්චර් අක්කර 50 දෙසට ධාවනය වූ කැබ් රථයක පිටුපස ගමන් කල දැරියක් එම රථයෙන් බිමට වැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.මියගිය දැරිය අවුරුදු 13 ක් වූ අක්කර 50 ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නොර්වුඩ් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ලොරි රථයක ගැටී යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට - මහව පොලිස් වසම.
2026.11.25 දින රාත්‍රී මහව පොලිස් වසමේ නිකවැරටිය සියඹලන්ගමුව මාර්ගයේ ඉපලෝගම ප්‍රදේශයේදී නිකවැරටිය දෙස සිට සියඹලන්ගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇත.මරණකරු අවුරුදු 28 ක් වූ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මහව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.