රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්රශ්නය මේ වන විට නරකම තැනකට පත්ව තිබෙන බවත්, මේ නිසා ඔවුන්ට අයිතිවාසිකම් දිනාදීම සඳහා පෙනී සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රැකියා විරහිත තරුණ තරුණයන්ගේ ප්රශ්නය මෙතෙක් පැවැති සෑම ආණ්ඩුවකටම හිසරදයක් වූ බවත්, වර්තමාන ආණ්ඩුවටද රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්රශ්නය හිසරදයක් බවට පත්ව තිබෙන බවත් එම පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීම සඳහා සිදු කරන අරගලවල ඉදිරියෙන්ම සිට ඔවුන්ට සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
