තමන්ට නියම කරන ලද ඇප අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම මේ මස 30 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරු ලෙස නම් කිරීමෙන් පසුව තමන්ට නියම කරන ලද ඇප අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම මේ මස 30 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේය.
