රාජ්‍ය සේවයකයන් භාගයක්ම සේවයට පැමිණ නෑ
රටතුළ ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින හතරක තුළ සේවයට වාර්තා කර නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
සේවයට වාර්තා කළ බහුතර රාජ්‍ය සේවකයන්ට පවා නියමි තවේලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවී තිබෙන බවත්,පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රාජකාරි වේලාව අවසන් වීමට පෙර බොහෝ පිරිසකට සේවා ස්ථානයෙන් පිටත්වගොස් තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් සේවයට වාර්තාකළ අති බහුතරයකට වරුවක නිවාඩුවක් දැමීමට සිදුව තිබෙන බවත්, එම තත්ත්වය සැලකිල්ලටගෙන සමස්ත රාජ්‍ය සේවකයාටම සාධාරණයක් ඉටුවන ආකාරයට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අද (25දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් ඒ මහතා පැවසීය.

popular news
-
Don Friday, 26 April 2019 07:58 AM
ලංකාවේ රාජ්‍ය සේවකයෝ අනිවාර්යයෙන්ම සේවයට එන්නේ පඩිදවසට. මේ දවස්වල උදේ ඇවිත් එහේ මෙහේ බෝම්බ තියෙනවා කියල කටකතා පතුර පතුර ගෙවල්වලට රිංගනවා. මුන්ට පඩි දෙනවට වඩා හොඳයි කාක්කොන්ට ආප්ප අරන්දුන්නනම් ඒ සල්ලිවලින්.
Reply : 0 0
rocky Friday, 26 April 2019 01:56 PM
රජයේ සේවකයෝ හිටියේ ඉස්සර. ඔවුන් මොනවා හරි වැඩක් කෙරුව ජනතාව වෙනුවෙන්. අද ඉන්නේ රජයේ නිලධාරීන්. ඔවුන් කරන්නේ `නිලය දරාගෙන` ඉන්න එක විතරයි. පර පෝෂිතයෝ රැලක්! මුන් වැඩට ආවත් කොරන කිසිම දෙයක් නැහැ!! තව පඩි වැඩි කරන්න .. චන්දෙ හම්බවෙයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

