රාජ්‍ය ආයතනවලට මින්පසු වැඩි සේවකයන් බෑ
මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා/ දෙපාර්තමේන්තු ප්‍රධානියා/ පළාත් ප්‍රධාන ලේකම්වරයා හා මූල්‍ය අංශයේ ප්‍රධානියා විසින් වගකීම දැරිය යුතු යැයි මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අංක 03/2018 හා 2018.07.18 දිනැති චක්‍රලේඛයේ සඳහන්ව ඇත.
රජයේ ව්‍යවස්ථාපිත ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම භාරගත යුතුයැයි මෑතකදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
පළාත් සභා ඇතුළු සියලුම රාජ්‍ය ආයතන විසින් සිය ආයතනවල දැනටමත් එවැනි සේවක පිරිස් ඇත්නම් ඒ පිළිබඳ සළකා බැලීම සඳහා එම සේවක සංඛ්‍යා හා ඔවුන්ගේ පඩි නඩි පිළිබඳ තොරතුරු, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතුයැයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

popular news
-
Rizna Tuesday, 31 July 2018 08:31 PM
ඔය චක්‍රලේක සමහර රාජ්‍ය ආයතන තුට්ටුවකට ගණන්ගන්නේ නැහැ . අපනයන සම්බන්ද ආයතනයක් ඔක්තෝබර් නිකුත් කල චක්‍ර ලේකයෙන් අනුමත විධායක වෘත්තීය දීමනාව ගෙවන්න තවම කටයුතු කරන නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

