රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම සඳුදා - ජනපති
රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම සඳුදා දිනයේදී සිදුකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ජනපති කාර්යාලයේදී නව ඇමති මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"සඳුදා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙනවා. 19 වැනි සංශෝධනයේ සීමා ඇතුළේ තමයි අමාත්‍ය මණ්ඩලය ලබාදෙන්න පුළුවන් වෙන්නේ.
ඇමති මණ්ඩලය පත්කිරීමේදී පවා 15 දෙනෙකු තෝරා ගැනීමට අපහසුතාවක් තිබුණා. අද වඩාත් වැදගත් වන්නේ අපි ඉදිරියේ තිබන අභියෝග ජයගන්නයි.
මේ සඳහා මටත් අගමැතිතුමාටත් සම්පූර්ණ සහාය දෙන්න. ඉදරි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට අවශ්‍යයි. ඒ සඳහා තමුන්නාන්සෙලාගේ සහාය ඉල්ලා සිටිනවා."
popular news
-
Daham Friday, 22 November 2019 12:49 PM
පරිවාස රජයකට රාජ්‍ය අමාත්‍යවරු කුමකටද ?
Reply : 0 9
Champa Friday, 22 November 2019 06:26 PM
දැන් කිව්වා නේද මේක භාරකාර ආණ්ඩුවක් කියල? එහෙම එකකට මොකොටද රාජ්‍ය ඇමතිවරු? බලාගෙන ගිහහම ඔක්කොම එකයි. බෙදා ගෙන කන්න දුන්නහම බදා ගෙන කන්න හදනවා. මේ රාජ්‍ය ඇමතිවරු පත් කිරීම සම්පූරණයෙන් හෙලා දකිනවා. මේ මාස 4 ට මොකොටද තවත් කෝටි ගානක් නාස්ති කරන්නේ? නාස්තිය දූෂණයයට විරුද්ධව වේදිකා දෙවනත් කලාට මොකොද හැන්ද අතට ගත්තහම රනිල් මෛත්‍රීට වඩා වැඩි වෙනසක් නැහැ. මිනිස්සු කාලෙක ඉඳන් කියනවා ඇමතිවරු 30 විතරක් ඇති නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරු එපා කියල. අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා කිව්වට පරණ පාරේම තමයි යන්නේ. එහෙම නොකරන්න නම් තමන්ට කියල දැක්මක් තියෙන්න ඕනේ සහ ඒක අනිත් මිනිස්සුන්ට වටහල දෙන්න හැකියාවකුත් තියෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

