ජිනේෂ් නානායක්කාර
තමන් රාජපක්ෂලා සමග ඩීල් ගහන බවට ඇතැම් අය පැවසුවත් රාජපක්ෂලාට ගාල්ල ආසනය දිනා ගැනීමට තමා ඉඩ නොදුන් බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපෙක්ෂක කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පැවසුවේ ඉකුත් දා ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත්
මහින්ද රාජපක්ෂය තුන් පාරක් ඉල්ලුවා තුන් පාරම දකුණේ අගනගරයේ ගාල්ල. පරාදයි ගෝඨාභය රාජපක්ෂ එක පාරක් ඉල්ලුවා ඒ පාර ඒ පාරක් ගෝඨාභය රාජපක්ෂ ගාල්ල පරාදයි. අපේ යාළුවෝ කියනවා මම ඩීල් ගහනවා ලු මම ඩීල් ගහන විදිය ඉගෙන ගත්ත නං ඇල්පිටිය දිනන්න තිබුනා
හාමුදුරුවනේ අපේ පක්ෂේ අපේ අය කිව්වා. ඔබ වහන්සේලාගෙන් සහයෝගය ගන්න හිතාගෙන. චෛත්‍යය දාහක් හදනවා කියලා. මම හිතුවා උපාසක අම්මලා පෙරහරේ ගිහිල්ලා අලියා ඉස්සරහා ගහයි කියලා. සෙල්ලං කෙලියක්ද දාහක නේ.
හැබැයි කාටද ඡන්දෙ දුන්නෙ එක චෛත්‍යයක් හදපු නැති ගෝටාභය රාජපක්ෂ මහත්තයට. දැන් එතුමා හදුන්කූරු පැකට් එකක් වත් දුන්නද? අඩුගානේ කපුරු පැකට් එකක් වත් දුන්නද? අන්න ඒක තමයි ඉගෙන ගන්න ඕන දේශපාලනය.
මෙම රැස්වීඹ හටපු පළාත් සභා මන්ත්‍රී සංජීව් කරුණුතාලක මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබුනි.

.