බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස හත් වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකක දෙක හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇමැති රවී කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට අද (20) නියෝග කළාය.
මීට අමතරව ලබන 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායකට නියෝග කළාය.
ග්ලෝබල් ටාන්ස්පොටේෂන් සමාගමට අදාළ අනෙකුත් ලියකියවිලි ලබන 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස එහි විධායක අධ්‍යක්ෂිකා ඔනෙලා කරුණානායක මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.