කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට වඩා එම රෝගයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට අද දිනයේදී ඉහළ ගොස් තිබේ.
ඒ කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගත ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 32ක් සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමගිනි. මේ වන විට පුද්ගලයන් 477ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.
තවත් පුද්ගලයන් 439ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 925ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 9කි.