රුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසුවෙක්ට නවක වදය ලබාදිමෙි සිද්ධියක් සමිබන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනා ට ඇප ලබාදීම පිළිබඳව තීන්දුව නොවැම්බර් 5 දා ලබාදෙන බව මාතර මහාධිකරණ විනිසුරු අජිත් මානසිංහ මහතා අද (28දා) පැවැසීය.
රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන දර්ශන උදයංග (22) නමි සිසුවා තමාට සිසුන් පිරිසක් නවක වදය දුන් බවට පසුගිය මාර්තු 21 වනදා මාතර පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබු අතර ඒ අනුව නවක වදය දිම , පහරදිම සහ කෘර වදහිංසනය යන චෝදනා යටතේ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ඇතුළු සිසුන් 19 දෙනෙකු පසුගිය 6 වනදා ප්‍රකාශයක් ලබාදිම සඳහා මාතර පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබිය.
මහේෂ් මලවර ආරචිචි