මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර, කපුගම ප්‍රදේශයේ පිහිටි නවාතැන්පළක රැඳී සිටි තවත් සිසුවියක් ද නිරෝධානයට යොමුකර ඇති බව වාර්තා වේ.
පසුගිය සැප්තැම්බර් මස 27 වන දින එම ශිෂ්‍යාවගේ පියා, ඇය බැලීමට නවාතැන්පළට ගොස් ඇති අතර, ඔහු කඳාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය නියුතු අයෙක් බවට අනාවරණය වී තිබේ.
විශ්වවිද්‍යාල සිසුවියගේ මව පසුගිය ඔක්තෝබර් මස 3 වන දින ඇය බැලීමට පැමිණ ඇති අතර, මව ආසාදිතයෙක් නොවන බව ද වාර්තා වේ.
ආසාදිත පුද්ගලයාගේ දියණිය රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසර විද්‍යා පීඨ සිසුවියක් බවද වාර්තා වේ.