රුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසුවෙක් හට නවකවදය ලබාදිමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනාට ඇප ලබා ගැනිම සදහා මාතර මහාධිකරණය වෙත යොමුකර ඇති ඇප ඉල්ලූම්පත විභාග කිරිම අද (28) මාතර මහාධිකරණ විනිසුරු අජිත් මානසිංහ මහතා විසින් සිදුකරනු ලැබිය .
රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන දර්ශන උදයංග (22) නම් සිසුවා තමාට සිසුන් පිරිසක් නවකවදය දුන් බවට පසුගිය මාර්තු 21 වනදා මාතර පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබු අතර ඒ අනුව නවකවදය දිම , පහරදිම සහ කෘර වදහිංසනය යන චෝදනා යටතේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ඇතළු සිසුන් 19 දෙනෙකු පසුගිය 6 වනදා ප්‍රකාශයක් ලබාදිම සදහා මාතර පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබිය .
එසේම අවසන් වරට සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පසුගිය 22 වනදා යොමුකල අතර එහිදි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කරනු ලැබුවේ සැකකාර සිසුන් 19 දෙනා නොවැම්බර් 4 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඇප ලබා ගැනිමට මහාධිකරණයෙන් විමසන ලෙසත්ය .
ඒ අනුව පසුගිය 22 වනදා නීතිඥයන් මගින් ඇපඅයදුම්පත මාතර මහාධිකරණය වෙත යොමුකල අතර මාතර මහාධිකරණ විනිසුරු අජිත් මානසිංහ මහතා නියෝග කරනු ලැබුවේ එය විභාග කිරිම ඔක්කෝබර් මස 28 වනදින සිදු කරන බවත්ය.
ඒ අනුව අද (28) දිනයේ ඇපඅයදුම්පත විභාග කිරිම සිදුකරනු ලැබු අතර කරුණු සලකා බැලූ මාතර මහාධිකරණ විනිසුරු අජිත් මානසිංහ මහතා නියෝග කරනු ලැබුවේ මෙහි තින්දුව ලබාදිම ලබන නොවැම්බර් 5 වනදා තෙක් කල් තබන බවත්ය.