නවක වද සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනාගේ නඩුව අද (19) දෙවන වරට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාග කළ අතර එහිදි මාතර වැඩ බලන මහේස්ත්‍රාත් ආරියසේන පනන්ගල මහතා නියෝග කරනු ලැබුවේ ලබන 26 දක්වා සිසුන් 19 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්ය .
රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන දර්ශන උදයංග (22) නම් සිසුවා තමාට සිසුන් පිරිසක් නවක වදය දුන් බවට පසුගිය මාර්තු 21 වනදා මාතර පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබු අතර ඒ අනුව නවකවදය දිම , පහරදිම සහ කෘර වදහිංසනය යන චෝදනා යටතේ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ඇතුළු සිසුන් 19 දෙනෙකු පසුගිය 6 වනදා ප්‍රකාශයක් ලබාදිම සදහා මාතර පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදි අත්අඩංගුවට ගනු ලැබිය .
පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදි කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සිසුන් 19 දෙනා 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කළේය .
ඒ අනුව අද (19) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග කළ අතර එහිදි සිසුන්ගේ පාර්ශවයෙන් ඇප ලබා දෙන ලෙස ඉල්ලිමක් කර තිබුණද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොමැති නිසා ඇප ලබා දිම ප්‍රතික්ෂේප කරමින් මාතර වැඩ බලන මහේස්ත්‍රාත් ආරියසේන පනන්ගල මහතා සිසුන් 19 දෙනා ලබන 26 වනදා තෙක් සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය . මාතර පොලීසිය ඉදිරි පරික්ෂණ මෙහෙයවනු ලබයි .