රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා වන “ලංසියාගේ“ මෘතදේහය වලදැමූ දෙහිවල ගල්කිස්ස නගරසභා පොදු සුසාන භූමියේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබූ බව පොලීසිය පැවසුවේය.
ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ලංසියාගේ මෘත ශරීරය වලදමා ඇති සොහොන් කොතට ඉහළින් මල් ඉසීමට ඔවුන් සූදානමින් සිට ඇති බව සඳහන් වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලංසියා නමැත්තාගේ බාල සහෝදරිය, කුඩු අංජු සමග වට්ස්ඇප් සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු සහ මල් ඉසිමට සූදානම් වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් අද (26) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.