නව කොරෝනා වෛරසය පැතිරීමේ වේගය අඩු කිරීම සඳහා ලබන සතිය රුසියානුවන් සියලු වැඩ නතර කරන බව ජනපති ව්ලැඩිමීර් පුටීන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කීය.
රුසියාවේ මේ වනවිට නව කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන් 658ක් තහවුරු කර ඇති නමුත් මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් 2036 දක්වා බලයේ රැඳී සිටීමට ඉඩ සලසන ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ඡන්ද විමසීමද මේ සමග කල් දැමෙන බවද සඳහන් විය.
2000 වසරේ සිට රට පාලනය කළ ජනපති පුටීන් ජාතිය අමතමින් කියා සිටියේ අප්‍රේල් 22දා පැවැත්වීමට නියමිත මහජන ඡන්ද විමසීම පසු දිනයක් දක්වා කල් දැමෙන බවයි.
එමෙන්ම එරට රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් බැලීම සඳහාද පුටින් ගොස් තිබුණු අතර, ඔහු ආරක්ෂිත ඇඳුම්වලින් සැරසී එම රෝගීන්ගේ සුවදුක් විමසා තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.