රට තුළට පැමිණෙන විදේශිකයන්ට රුසියාවේදී කොවිඩ්-19 මර්දන එන්නත ලබාදිය හැකි බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඊයේ (04දා) ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සංසදයකට එක්වෙමින් පැවසීය.
මොස්කව් පාලනය සිය ස්පුට්නික්-වී එන්නත වෙත වූ ගෝලීය කීර්තිය ඉහළ නැංවීමට දරණ උත්සාහය එක් අවස්ථාවක් ලෙස විදෙස් මාධ්‍ය මෙම අවස්ථාව පෙන්වා දෙයි.
ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය (SPIEF) අමතමින් පූටින් කියා සිටියේ එන්නත විදගැනීම සඳහා බොහෝ අය රුසියාවට පැමිණෙන බවයි. "විදේශීය පුරවැසියන්ට අපේ රටේදී යම් ගාස්තුවකට එන්නත ලබා ගැනීම සඳහා අවස්ථාවන් සලසන ලෙසත්, මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරන ලෙසත් මම අප රජයෙන් ඉල්ලා සිටිනවා." පූටින් වැඩිදුරටත් පැවසීය.
රුසියානු එන්නත රටවල් 66ක් විසින් අනුමත කර ඇති තිබුණත්, එය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපීය ඖෂධ ඒජන්සිය තවම අනුමත කර නැත. කෙසේ වෙතත් එම සංවිධාන රුසියානු එන්නත මේ වනවිට සමාලෝචනය කරමින් පවතී. විශේෂයෙන්ම යුරෝපා සංගමයේදී මෙම එන්නත භාවිතය සඳහා කලාපීය නියෝජිතායතනයේ අනුමැතිය අත්‍යවශ්‍ය වේ.
කෙසේ වෙතත් තවමත් බොහෝ සංවර්ධිත රටවලට වඩා රුසියාවේ එන්නත් කිරීමේ වේගය මන්දගාමී ස්වරූපයක පවතින බවද කියයි. රුසියාව එන්නත්කරණයට ජනතාව කැඳවීම සඳහා විවිධ ප්රවර්ධනයන්ද සිදුකළ අතර, ඇතැම් අවස්ථාවල එන්නත විදගත් අයට නොමිලේ අයිස්ක්‍රීම්ද පිරිනැමීය. පසුගිය සතියේ රුසියාවේ මිලියන 144ක ජනගහනයෙන් මිලියන 17ක් පමණ අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.