රුසියාවේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන්ගෙන් අඩක් පමණම එරට මොස්කව් අගනුවරින් වාර්තා වන බව දත්ත පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට රුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 272,043ක් වන අතර, එය ලෝකය තුළ ආසාදිත අගයට දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.
එහිදී, රුසියාවේ සමස්ත ආසාදිතයන්ගෙන් අඩක් පමණ, එනම් ආසාදිතයන් 138,969ක් මොස්කව් නුවරින් වාර්තා වන බව එරට කොරෝනා වෛරසය පාලනය කිරීමේ මූලස්ථානය පවසයි.
එසේම මේ වනවිට වෛරසය රුසියාවේ සෙසු පළාත් පුරා ව්‍යාප්ත වී ඇති අතර, එය දැනටමත් රට තුළ පළාත් 11ක් කරා පැතිර ඇති බව කියයි. මෙම පළාත් අතර රටේ දරිද්‍රතාව ඉහළ පවතින පළාත්ද පවතින බව සඳහන් වෙයි.
රුසියාවේ පළාත් ප්‍රධානීන් 85 දෙනා සමග පසුගිය සඳුදා පැවැත්වූ වීඩියෝ සම්මන්ත්‍රණයකදී රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ, අගුලු දැමීමේ ක්‍රියාමාර්ග දිගටම පවත්වා ගත යුතුද යන්න හෝ ආර්ථිකය නැවත විවෘත කිරීම සඳහා පරිස්සමින් ඒවා ලිහිල් කිරීම පිළිබඳව ප්‍රාදේශීය නායකයන් වගකීම ගෙන කටයුතු කළ යුතු බවයි.
කෙසේ වෙතත් මේ දක්වා රුසියාවේ නව කොරෝනා වෛරසය ආශ්රිත සමස්ත මරණ අගය 2,537ක් පමණක් වන අතර, සුවවූවන් සංඛ්‍යාව 63,166ක් ලෙස වාර්තා වෙයි.