රුසියාව ගෙවීගිය අඟහරුවාදා දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 16,319ක් වාර්තා කර ඇති බව එරට නව කොරෝනා වෛරස ප්‍රතිචාර මධ්‍යස්ථානය පවසයි.
එම කාලය තුළ වෛරසය ආශ්රිත මරණ 269ක්ද රුසියාව වාර්තා කර ඇති අතර, ආසාදනවල වර්තමාන වර්ධන වේගය 1.2%ක් බව කියයි.
කෙසේ වෙතත් රුසියාවේ වඩාත්ම බලපෑමට ලක්වූ නගරය වන මොස්කව් අගනුවර නව ආසාදිතයන් සංඛ්‍යාව සුළු වශයෙන් අඩුවී ඇති අතර, එය දින 5කට පසු පළමු වරට 5,000කට වඩා පහත වැටී තිබේ.
එරට නව කොරෝනා වෛරස ප්‍රතිචාර මධ්‍යස්ථානයේ වාර්තා අනුව රුසියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 1,431,635කි. මරණ සංඛ්‍යාව 24,635ක් ලෙස වාර්තා වී ඇත. කෙසේ වෙතත් එරට නව කොරෝනා වෛරසය ආශ්රිත සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි බව පවසන්නේ, මරණ ගණනය කරන ආකාරය සහ මේ වසරේදී අතිරික්ත මරණ අනුපාතය වාර්තා වී නොමැති නිසාය.