කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන රාජ්‍යයක් බවට පත්ව ඇති රුසියාවේ ඊයේ (29දා) දිනයේ පමණක් අලුතින් ආසාදිතයන් 7,099 දෙනෙකු එකතුව තිබේ.
ඒ අනුව රුසියාවේ කොරෝනා ප්‍රතිචාර දැක්වීමේ මූලස්ථානය මෙන්ම, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව දැනට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 106,498ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ හා සම්බන්ධ මරණ සංඛ්‍යාව 1,073ක් ලෙස වාර්තා වෙයි.
එහිදී රුසියාවේ මේ දක්වා වෛරසය ආසාදිතය සුවය ලබා ඇති පුද්ගල සංඛ්‍යාව වාර්තා වන්නේ 11,619ක් ලෙසිනි.
රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින් ඊයේ (29දා) කියා සිටියේ සීමාවන් ඉවත් කිරීම සහ රටේ දේශසීමා නැවත විවෘත කිරීම සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කළ නොහැකි බවයි.
එමෙන්ම මෙම සතිය මුලදී ජනාධිපති ව්ලැඩිමීර් පූටින් වෛද්‍ය නිලධාරීන් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණවල හිඟයක් පවතින බව පිළිගත්තේය.
වෛරසය ඇමෙරිකාව හා යුරෝපය තුළ පැතිර යනවිට එතරම් ආසාදිතයන් පිරිසක් නොමැතිව, යම් ස්ථාවර මට්ටමක සිටි රුසියාව එකී රටවලට වෛද්‍යාධාර පවා සපයමින් කටයුතු කළද, ඉතා කෙටි කාලයක් තුළ එක්වරම රුසියාව කොවිඩ්-19 වසංගතය වඩාත් වේගයෙන් ව්‍යාප්ත වන ලොව තවත් ප්රබලතම රාජ්‍යයක් බවට පත්ව ඇත.