රුසියාව ගෙවීගිය පැය 24ක කාලය තුළ නව කොරෝනා වෛරසය ආශ්රිත ආසාදිතයන් 5,765ක් වාර්තා කර තිබේ.
මේ අතර ගෙවීගිය දිනයේ වෛරසය ආශ්රිත මරණ 77ක්ද රුසියාවෙන් වාර්තා වී ඇති බව රුසියාවේ කොරෝනා වෛරස අර්බුද ප්‍රතිචාර මධ්‍යස්ථානය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව රුසියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 811,073ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාවද 13,249ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රුසියාව වෛරසය යම් තරමකට පාලනය කරගැනීමක් දක්නට ලැබුණද, මේ වනවිටත් රුසියාවෙන් දෛනික ආසාදිතයන් 5,000 ඉක්මවා හමුවීම සැලකිය යුතු තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.