රුසියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගොස්, අද (22දා) උදෑසන වනවිට 3,099ක් ලෙස වාර්තා විය.
ගෙවීගිය දිනයේ රුසියාවේ මරණ සංඛ්‍යාවේ යළි වැඩිවීමක් පෙන්වා ඇති අතර, එය පෙරේදා වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා තරමක් පහළ ගියත්, මරණ 127ක් වාර්තා වී තිබේ.
එමෙන්ම රුසියාවේ සමස්ත ආසාදිත අගයද මේ වනවිට 317,554ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට රුසියාවට උපකාර කිරීම සඳහා වූ එක්සත් ජනපද මානුෂීය ආධාර බෙදාහැරීමේ පළමු කොටස ලෙස නැව්ගත කළ වෙන්ටිලේටර්ස් 50ක් රුසියාවේ මොස්කව් නුවරට ළඟා වී තිබේ.
ජනාධිපති පූටින්ගේ ආධාර ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ට්‍රම්ප් විසින් කරන ලද යෝජනාවක වේගවත් ඉටුවීමක් ලෙස ඇමෙරිකාව මෙම පරිත්‍යාගය සනිටුහන් කරයි.
එක්සත් ජනපදය විසින් සපයනු ලබන වෙන්ටිලේට්ස් 200ක් සඳහා වූ පිරිවැය, බෙදා හැරීම සඳහා ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 5.6ක් පමණ වන බව ඇමෙරිකාව වැඩිදුරටත් පවසයි.
රුසියාවේ වෛරසය එතරම් පැතිර නොතිබූ පසුගිය අප්‍රේල් මස මුලදී, රුසියාව නිව්යෝක් සහ නිව් ජර්සි හි වෙත වෙන්ටිලේටර්ස් සහ වෛද්‍ය සැපයුම් රැගත් ගුවන් යානා එවීය. නමුත් රුසියාවේ වෙන්ටිලේටර්ස්වල පැවති හදිසි ගිනිගැනීමක් නිසා ඒවා රුසියාව තුළද භාවිත නොකළ පසුබිමක එම තොගය යළිත් රුසියාව වෙතම යැවීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.