රුසියාවේ කොවිඩ්-19 වසංගතය ආරම්භ වූ දා සිට ආසාදනයන්හි වැඩිම දිනයක් පසුගිය සිකුරාදා වාර්තා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
රුසියාවේ නව කොරෝනා ප්‍රතිචාර මධ්‍යස්ථානයට අනුව එදින දෛනික ආසාදන 18,283ක් වාර්තා කර ඇති අතර, වෛරසය ආශ්රිත මරණ 355ක්ද වාර්තා කර තිබේ.
ඒ අනුව මේ වනවිට රුසියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,599,976ක් සහ මරණ 27,656ක් ලෙස සටහන් වෙයි.