ස්පුට්නික් වී එන්නතෙහි පළමු මාත්‍රා තෝගයේ 40,000ක් හංගේරියාවට පැමිණ ඇත්තේ, රුසියානු එන්නත භාවිත කරන යුරෝපා සංගමයේ පළමු රට බවට රට පත්වෙමිනි.
ඉදිරි මාසවලදී එරටට පැමිණීමට නියමිත එන්නත් මාත්‍රාවන් මිලියන 2 ක පළමු තොගය මෙය බව කියයි.
තමන්ගේම වැඩපිළිවෙලක් වේගවත් කිරීම සඳහා හංගේරියාව බ්රසල්ස්හි මධ්‍යගත එන්නත් කිරීමේ සැලසුමෙන් ඉවත්ව කටයුතු කරන බව නිලධාරීහු පවසති.
"බ්රසල්ස්හි මධ්‍යගත එන්නත් ප්‍රසම්පාදනය අසාර්ථක වී තිබෙනවා. එය යුරෝපීයයන්ගේ ජීවිත අවදානමට ලක් කර තිබෙනවා. එබැවින් අපට නව සැපයුම් ප්‍රභවයන් සොයා බැලිය යුතුව තිබුණා" යැයි විදේශ ඇමති පීටර් සිජ්ජාර්ටෝ රුසියානු එන්නත් පැමිණීම නිවේදනය කිරීමෙන් පසුව පැවසීය.
"අපි දැනට අංක එක වී තිබෙනවා. නමුත් අපි විතරක් නොවෙයි, තවත් යුරෝපා රාජ්‍යයන් මේ ආකාරයෙන් ක්‍රියා කරාවි. රුසියානු සහ චීන එන්නත් පිළිබඳ අධ්‍යයනයන් කරන ලෙස බටහිර යුරෝපය පුරා ප්‍රකාශයන් අප දැන් දකිනවා." විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.