කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ප්‍රතිදේහ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයා අද දිනයේ හෝ හෙට දිනයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත බව වසංග රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරසිංහ මහතා පැවැසීය.
එසේම ඔහු හරහා කොවිඩ් පැතිරීමක් අපේක්ෂා කරමින් නිරෝධායනය සඳහා යොමුකළ හෝටල කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් පවුල්වල උදවියද අද දිනයේ හෝ හෙට දිනයේදී නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිදහස් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවැසීය.
කෙසේ වෙතත් හෝටලයේ කාර්ය මණ්ඩලය තවදුරටත් දින 14ක නිරෝධායනය වෙනුවෙන් යොමුකිරීමට තීරණය කර තිබේ.